ශ්‍රී ලංකා කොදෙව් තරගාවලිය දෙරටටම වැදගත්

ශ්‍රී ලංකා කොදෙව් තරගාවලිය දෙරටටම වැදගත්
 

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හා කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සමී ENI කුසලානය ඉදිරිපිට.

ඡායාරූපය-ලලිත් ගමගේ

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය දිවා/රාත්‍රී තරග නොවුණද එය ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන තරග හෙයින් විශාල වැදගත්කමක් ඇතැයි ශ්‍රී ලංකා කොදෙව් ක්‍රිකට් නායකයෝ පවසති. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසුවේ ශ්‍රී ලංකා පිලේ හොඳම කණ්ඩායම මේ තරගාවලියට එක්වන බැවින් තරගාවලිය ජයගැනීම එකම අරමුණ බවයි.

කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සමී සඳහන් කළේ මේ තරග තුනම ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන තම කණ්ඩායමේ මාසිකත්වය ඉහළ යන එකක් බවය. ශ්‍රී ලංකා සහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් නායකයන් සහභාගි වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (28) සිනමන් ලේක් හෝටලයේදී පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා