වෙරෝනිකා තරග බිමට

වෙරෝනිකා තරග බිමට

මීටර් 200 කාන්තා ලෝක සූරිය මෙන්ම ඔලිම්පික් සූරිය ද වූ වෙරෝනිකා කැම්බෙල් 104 වැනි මිල්රෝස් ක්‍රීඩා තරගමාලාවේදී මැඩිසන් ස්කොයා ගාර්ඩන් හිදි අමෙරිකානු ක්‍රීඩිකාවනට එරෙහිව තරග වැදීමට නියමිතය. වෙරෝනිකා මීටර් 60 ගෘහස්ථ තරගයේ ලෝක සූරතාවද හිමිකර ගෙන සිටින අතර මීටර් 200 ඔලිම්පික් කිරුළ දෙවරක්ම දිනා ගෙන සිටින්නීය.

2007 දී ඇය මීටර් 100 ලෝත සූරතාවද තම ග්‍රහණයට ගෙන ඇති අතර මෙවර මිල්රෝස් තරගයේදී ජැමෙයිකාව නියෝජනය කරනු ලබයි. ඇයත් සමග ක්‍රීෂා ඈන් හෝතෝන්, සහ වෙනෙට් ඩික්සන් ජැමෙයිකාව නියෝජනය කරන අතර අමෙරිකාව වෙනුවෙන් ලෝ රින් විලියම්ස්, සීසා බාබර්ස් සහ මිකි බාබර්ස් ඉදිරිපත්ව සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා