මීගමුවේ සය සාමාජික ක්‍රිකට් අද - හෙට

මීගමුවේ සය සාමාජික ක්‍රිකට් අද - හෙට

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පවත්වනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය අද සහ හෙට දෙදින පුරා මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේ දී පැවත්වේ.

මේ තරගාවලියට සහභාගිවිය හැක්කේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුන්වන කාණ්ඩයේ තරග වැදීම සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩා සමාජවලට පමණි. තරගාවලියේ ජයග්‍රාහකයන්ට පි‍්‍රයන්ත කුරේරා අනුස්මරණ කුසලානය සමඟ මුදලින් රුපියල් 30000/-ක් පිරිනැමෙන අතර අනුසූරයන්ට රුපියල් 20000/- ක් පිරිනැමේ. තරගාවලියේ වීරයාට සහ අවසන් තරගයේ වීරයාට මුදලින් තෑගි හිමිවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා