හයිටි ජනපතිවරණයේ දෙවැනි වටයටත් සෙලෙස්ටීන් ඉදිරිපත් වීමේ සූදානමක්

හයිටි ජනපතිවරණයේ දෙවැනි වටයටත් සෙලෙස්ටීන් ඉදිරිපත් වීමේ සූදානමක්

හයිටියේ පැවැත්වීමට නියමිත දෙවෙනි වටයේ ජනාධිපතිවරණයෙන් තමන් ඉවත් වී ඇති බව සනාථ කිරීමට ජනාධිපති අපේක්ෂක ජූඩ් සෙලෙස්ටීන් ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර හයිටියේ පාලක පක්ෂය ඔහුට සහාය ලබාදීමට තීරණය කර ඇත. දූෂිත ඡන්දයකින් සෙලෙස්ටීන්ට වාසි අත්වී ඇති බවට ප්‍රබල මතයක් රට තුළ ගොඩනැගීම හේතුවෙන් INITE පාලක පක්ෂය සෙලෙස්ටීන් ඡන්ද සටනින් ඉවත් කර ගන්නා බව ප්‍රකාශයට පත් කළේය.

පක්ෂයේ මෙම තීරණයට සෙලෙස්ටීන් සිය අස්සන තබා නැති බව ඔහුගේ ප්‍රකාශකයකු ඒ. එෆ්. පී. මාධ්‍යයට පවසා තිබේ. එරට ඡන්ද නීතිය අනුව ඔහුගේ අනුමැතියෙන් තොරව ප්‍රාදේශීය මැතිවරණ කවුන්සලයට (CEF) තීරණයක් ගැනීමේ හැකියාවක් නැත. දූෂිත යැයි පවසන නොවැම්බර් 28 දින පැවැති ජනාධිපතිවරණයේ මුල් වටයේ සෙලෙස්ටීන් සුප්‍රසිද්ධ ගායක ජනාධිපති අපේක්ෂක මිෂෙල් මාටිලිට වඩා ඡන්ද 7000 ක් ලබා ගෙන තිබේ. මාර්තු 16 දිනට පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේ දෙවැනි ඡන්ද වටය දින නියමයකින් තොරව කල් දමා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා