මුද්‍රණය සඳහා

 
ඉන්දියාවට පනින්න හැදූ ශ්‍රී ලාංකිකයෝ 2ක් කොටුවෙති

ඉන්දියාවට පනින්න හැදූ ශ්‍රී ලාංකිකයෝ 2ක් කොටුවෙති

නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් දෙදෙනකු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලියවිලි ඉදිරිපත් කරමින් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ ගත් මොවුන් දෙදෙනා ගුවන්තොටුපළ නිලධාරීන් ඊයේ (08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මොවුන් දෙදෙනා ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ ගෙන ඇත්තේ කුමක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අරඹා ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]