මුද්‍රණය සඳහා

 
අතිරේක ක්‍රීඩිකාවකගෙන් නෙට්බෝල් පිල තේරීම ගැන පැමිණිල්ලක්

අතිරේක ක්‍රීඩිකාවකගෙන් නෙට්බෝල් පිල තේරීම ගැන පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල තේරීමේදී අසාධාරණයක් සිදුවූ බවට ක්‍රීඩිකාවක් කළ පැමිණණිල්ලක් මත කණ්ඩායම තේරීම ගැන නැවැත සලකා බැලීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා තීරණය කොට ඇත. ජාතික පිලට අතිරේක ක්‍රීඩිකාවක් ලෙස තෝරා ගැණුනු මේ ක්‍රීඩිකාව ක්‍රීඩා ඇමැතිවරයාට සිය පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත්තේ පළමු ක්‍රීඩිකාවන් 12 අතර සිටි තමාව පසුව අතිරේක ක්‍රීඩිකාවක් ලෙස නම් කිරීම අසාධාරණ බවය.

මේ අතර පෙරේදා සවස ප්‍රකාශයට පත්වූ ජාතික නෙට්බෝල් පිලේ නාම ලේඛණයට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා අස්සන් කොට අනුමැතිය ලබාදී නැතැයි ද වාර්තා වේ. ජාතික කණ්ඩායමක් තෝරා ගත් පසුව එය ක්‍රීඩා ඇමැතිවරයාගේ අස්සනින් අනුමත කිරීම අත්‍යවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්ලිව්.ඒ. විජේරත්න මහතා ‘දිනමිණ’ට පැවැසීය.

කෙසේ වුවද මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග අද දිනයේ වැඩිදුරටත් ප්‍රකාශ කළ හැකි බව විජේරත්න මහතා සඳහන් කළේය. ලෝක සූරතා නෙට්බෝල් තරගාවලිය වෙනුවෙන් ජාතික කණ්ඩායම නම්කෙරුණු අතර එම තරගාවලිය ලබන ජූලි මාසයේ සිංගප්පූරුවේදී පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]