මුද්‍රණය සඳහා

 
සන්නද්ධ පිරිසක් කොලොම්බියාවේ දී තෙල් ගවේෂණ කණ්ඩායමක් පැහැර ගනිති

සන්නද්ධ පිරිසක් කොලොම්බියාවේ දී තෙල් ගවේෂණ කණ්ඩායමක් පැහැර ගනිති

කැනඩාවේ ටැලිස්මන් බලශක්ති සමාගම යටතේ කොලොම්බියාවේ වනගත බිමක තෙල් ගවේෂණ කටයුතුවල නියැලි කම්කරුවන් 23 දෙනකු සන්නද්ධ පුද්ගලයන් විසින් පැහැරගෙනගොස් ඇතැයි පළාත් ආණ්ඩුකාරයා පෙරේදා ප්‍රකාශ කළේය. මෙම සන්නද්ධ කණ්ඩායම අදාළ සේවකයින්ට කඳවුරෙන් පිටවන ලෙස අණ කිරීමෙන් පසු ඔවුන් ග්‍රහණයට ගෙන තිබේ. කොලොම්බියානු ජාතිකයන් වන මේ සේවක පිරිස සන්නද්ධ කණ්ඩායම විසින් ඝනවනය තුළට ගෙන ගොස් තිබේ. අදාළ ප්‍රදේශය ෆාක් ගරිල්ලන්ගේ හා කොකේන් ජාවාරම් කල්ලිවල බල ප්‍රදේශයක් ලෙස සැලකේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]