ජනපතිගේ මෑණියන්ගේ ගුණ සිහිකර ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට.

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආදරණීය මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියගේ ගුණ සැමරුමට සමගාමීව පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීම ජනපති වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සිදු කෙරිණි. ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයින් උත්සව භූමියට පැමිණි අයුරු හා සිසු අයිතියට පත් කළ නව ගොඩනැඟිල්ල ද මෙහි වෙයි.


ඡායාරූප-කමල් ජයමාන්න




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


* ගණිතය-විද්‍යාව-ඉංග්‍රීසි විෂයන්වලට වැඩි අවධානය

* භෞතික සම්පත් දියුණු කළ පමණින් රට දියුණු වෙන්නෑ

* විනය ගරුක දරු පරපුරක් බිහිකර ගත යුතුයි

ටියුෂන් යුගයට තිත තබන්න
පාසල්වලට දක්‍ෂ ගුරුවරු ඕනෑ

පාලටුව ගුණරතන මධ්‍ය මහා විදුහලේ දී ජනපති කියයි

පාසල්වලට හොඳ දක්‍ෂ ගුරුවරු ලබාදී විෂය දැනුම ළමයින්ට නොඅඩුව ලබාදීමට පියවර ගතහොත්, ටියුෂන් යුගයට තිත තබන්න පුළුවන්’ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කෙළේය. ජනාධිපතිතුමා ප්‍රමුඛ සිය පවුලේ දරු දැරියන්ගේ ආදරණීය මෑණියන් වූ පාලටුව දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කරනු වස්, පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයේ අලුතින් ඉදිකළ දර්ශණීය තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතා ජනාධිපතිවරයා එසේ කීය.නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවැරීමේ මහෝත්සවය ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි.

විස්තර »

දයානන්ද දිශානායක විශ්‍රාම ලබයි
නව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය

නව මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටියි. මහින්ද දේශපි‍්‍රය මහතා අද (25) සිට මැතිවරණ කොමසාරිස් ලෙස පත්කිරීමේ ලිපිය ඊයේ ලබාදී තිබේ. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සිය තනතුරින් ඊයේ සිට විශ්‍රාම යාම නිසා ජනාධිපතිවරයා මේ පත්වීම සිදුකර ඇත. අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටී. මහින්ද දේශපි‍්‍රය මහතා අම්බලන්ගොඩ ප්‍රජාපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් විය.

විස්තර »

කලට පෙර පැහෙන්න ගිහින්
සජිත් බොල් වී ඇටයක් වෙලා

- නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර

නියමිත කාලයට පෙර පැසෙන්නට ගොස් සජිත් අද බොල් වී බවට පත්ව ඇතැයි වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා පවසයි. මැතිවරණ කොපමණ පරාජය වුවත් රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයේ දිගටම රැඳී සිටින බවට තමන් එදා කළ ප්‍රකාශය අද තහවුරු වී ඇතැයි ද ඒ මහතා කීය.රටේ බලය ලබා ගැනීමට නොහැකි වුවත් රනිල් ජාත්‍යන්තර සබඳතා ඇති බුද්ධිමත් නායකයකු බවත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු ලෙස ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලැබුණේ නම් තමන් ද ඡන්දය දෙන්නේ රනිල්ට බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

විස්තර »

රනිල්-සජිත් දෙන්නම පරාදයි

එජාපයට තුන්වැනි නායකයෙක් ඕනෑ

එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිලත්, සජිත් පිලත් දෙකම මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් එ. ජා. ප. යට තුන් වැනි නායකයකු සොයා ගැනීමට සිදුවන බව බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය. ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (24) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.හම්බන්තොටට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගෙන යෑමේ සටනද සජිත් ප්‍රේමදාස මහතා අතහැර තිබෙන බවද,...

විස්තර »

රනිල්ට ජනපති සුබ පතයි

එක්සත් ජාතික පක්ෂයේ නායක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (24) උදෑසනම කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කළේය. නැවත වරක් එ.ජා.ප නායකත්වයට පත් වීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුබ පැතුම් පිරි නැමුවේය. සිය 62 වැනි උපන් දිනය ඊයේ සැමරූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් පක්ෂ නායකයා වශයෙන් එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කර ගනු ලැබුවේ පෙරේදාය.

ඔරුවැල්ල ධීවර අතිරේකය එළිදැක්වේ

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමත්, (ලේක්හවුස්) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් එක්ව ප්‍රකාශයට පත් කරන ‘ඔරුවැල්ල’ මාසික ධීවර අතිරේකය එළිදැක්වීම ඊයේ (24) ලේක්හවුස් ආයතනයේදී සිදුකෙරිණි. ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ‘ඔරුවැල්ල’ ධීවර අතිරේකයේ පළමු කලාපය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඊයේ (24) පිළිගැන්වීය.

විස්තර »

බස් රථය ප්‍රපාතයට පෙරළී තිදෙනෙක් මරුට

31කට තුවාල

පස්සර නමුණුකුල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස්රියක් ඊයේ (24) සවස අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එහි ගමන්ගත් තිදෙනකු මියගොස් තිස්එක්දෙනකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් පස්සර දිසා රෝහලට සහ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පස්සර පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් පනස් දෙනකු පමණ බස්රථයේ සිට ඇත. තුවාල ලැබූ පුද්ගලයන් එකළොස් දෙනකු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

විස්තර »

ලෝක සූර ඔස්ට්‍රේලියාව
ඉන්දියාව ඉදිරියේ අසරණ වෙයි

වත්මන් ලෝක සූරයින් කඩුලු 5කින් පරදවා සත්කාරක ඉන්දියාව අවසන්පූර්ව වටයට පිවිසීමට ඊයේ (24) සමත්විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැඩි පේ‍්‍රක්‍ෂක අවදානයක් දිනාගත් තරගය වූ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය අහමදාබාද් ෂර්දාරි පටේල් ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස නිමාවට පත්වුණි. ජයග්‍රාහී ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර 47.4 කදී කඩුලු 5ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කරගනු ලැබීය. ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි පීඩනයකට හසුකර ගනිමින් ඉක්මන් ලකුණු කරා ඉන්දීය ඉනිම රැගෙන යාමට ක්‍රීඩකයින් සමත්කම් දැක්වීය.

විස්තර »

“පොරොන්දු ලබා දීමට වඩා දුන් පොරොන්දු ඉටු කිරීම වැදගත්ය”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 මාර්තු 22 නොරොච්චෝලේ දී



වෙළඳ දැන්වීම් . . . .

 
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
අනාගතේ කොළ රජයක් හැදෙන තුරූ
හිතේ තියෙන මහ පුටුවම ලැබෙන තුරූ
ළඟදි දිනෙක යළි වලියක් ඇදෙන තුරූ
හායි! හායි! වෙල්කම් සජි මැතිඳ ගරූ