පොතුහැර පොලිසියෙන් ලක්ෂ 28ක ආදායමක්

පොතුහැර පොලිසියෙන් ලක්ෂ 28ක ආදායමක්

ඉකුත් 2010 වසරේ පොතුහැර පොලිසියට රුපියල් ලක්ෂ 28 කට වැඩි මුදලක් රාජ්‍ය ආදායමට බැර කිරීමට හැකි වී ඇතැයි පොතුහැර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් ජයසිංහ මහතා පැවසීය. මෙම මුදල් මාර්ග නීති උල්ලංඝනය කිරීම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කිරීම, ප්‍රවාහන කිරීම සහ ළඟ තබා ගැනීම් ඇතුළු බලපත්‍ර නොමැතිව වැලි, කදන්, ප්‍රවාහනය කිරීම් යන වැරදි වෙනුවෙන් නඩු පැවරීමෙන් අනතුරුව දඩ ගැසූ මුදල් බවද හෙතෙම කීය. මෙයින් 23 ලක්ෂයකට වඩා වැඩි මුදලක් උපයා ඇත්තේ රථ වාහන අංශයෙන් බවද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා