මුද්‍රණය සඳහා

 
මත්කුඩු ජාවාරමේ යෙදුණු අම්මයි පුතයි දැලේ

මත්කුඩු ජාවාරමේ යෙදුණු අම්මයි පුතයි දැලේ

රුපියල් ලක්‍ෂයක කුඩු පැකට් 300ක් ද අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමේ යෙදුනු මවක් හා පුතෙකු රාජගිරිය ඔබේසේකර පුර විහාරස්ථානයක් අසල නිවෙසක දී රුපියල් ලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් මත්කුඩු පැකැට් 300ක් සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි. ප්‍රදේශ ගණනාවකට මත්කුඩු බෙදා හැරීමේ ස්ථානයක් තිබෙන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ප්‍රසාද් රත්නායක මහතාට ලැබුණු තොරතුරක් මත එම නිවසේ සිටි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේ දී මේ මත්කුඩු පැකට් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

කෝට්ටේ – මිරිහාන – නුගේගොඩ – පැපිලියාන – බත්තරමුල්ල හා වැලිකඩ ප්‍රදේශවලට මේ සැකකාර මව හා පුතු දීර්ඝ කාලයක සිට මත්කුඩු බෙදා හැර ඇති බව පොලිසිය කියයි. සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ මත්කුඩු සතියකට වතාවක් බොරැල්ල ගෝතමි පාරේ පදිංචි බව කියන මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයකුගෙන් මිලදී ගන්නා බව ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ප්‍රසාද් රත්නායක මහතා ගේ උපදෙස් මත පොලිස් සැරයන් විජේසිරි, පොලිස් කොස්තාපල් කුමාරතුංග, හේමන්ත, බස්නායක, නාමල්, ඇල්වත්ත, රත්නායක, කාන්තා පොලිස් කොස්තාපල් දීපානි, ආරක්‍ෂක සහායක සුමනසිරි මහත්ම මහත්මීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]