සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු 25ක් අත්අඩංගුවට

සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු 25ක් අත්අඩංගුවට

අධික ලෙස මත්පැන් පානය කැර රිය පැදවූ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු ඇතුළු බීමත් රියදුරන් 25 දෙනෙකු ගලගෙදර නගරයේදී මහනුවර කොට්ඨාස මහාමාර්ග සංචාරක යතුරුපැදි ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙයට අමතර ආගමික පූජකවරයකු යුද හමුදා කපිතාන්වරයකු හා තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනුණු බීමත් රියදුරන් අතර සිටී.

පෙරේදා (23) ගලගෙදර නගරයේ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකදී මෙම බීමත් රියදුරන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස මහාමාර්ග සංචාරක යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සරත් විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා