හොරෙන් ජලය ලබාගත්තැයි කෝටිපති ව්‍යාපාරිකයාට නොතීසි

ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් පුද්ගලයන් මෙරටට
ගෙන්වූ හා පිටරට යැවූ සැකකරුවෙක් රිමාන්ඩ්

ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් පුද්ගලයන් පිටරට යැවීම හා පිටරටවල සිට ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් විදේශිකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරයක නියුතු වූ බොරැල්ල ප්‍රදේශයේ සැකකරුවකු අපි‍්‍රයෙල් මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ බොරැල්ල ගොරකගහ පාරේ පදිංචිකරුවකු වන ගමගේ සුමනතිලක නමැත්තෙකි. යුද හමුදා බුද්ධි අංශය සහ බොරැල්ල පොලිසිය කරන ලද වැටලීමක දී ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊයේ (22) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බොරැල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පො. ප. කණ්ඩුල දිසානායක මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් ඉහත කී සිද්ධියට අදාළ ව මේ අධිකරණයෙන් සැකකරුට ඇප දිය නොහැකි බවත්, ඇප දීමට විරුද්ධ වන බවත් දන්වා සිටියේ ය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ නිවෙසේ තිබී ජාතිත හැඳුනුම්පත් නවයක්, විදේශ ගමන් බලපත්‍ර දහ අටක්, අධ්‍යාපන සහතික දහයක්, උප්පැන්න සහතික තිස් හයක්, රියදුරු බලපත්‍රයක්, විවාහ සහතිකයක් හා නිල මුද්‍රා දෙකක් ඇතුළු තවත් භාණ්ඩ රාශියක් ද සොයා ගත්බව පො. ප. කන්ඩුල දිසානායක මහතා අධිකරණයට දැන්වීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා