මුද්‍රණය සඳහා

 
සංඥා පද්ධතියේ දෝෂ නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වෙලා

සංඥා පද්ධතියේ දෝෂ නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වෙලා

ගාල්ල හික්කඩුව හා කළුතර දකුණ, කළුතර උතුර අතර සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (24) ප්‍රමාද විය.

මේ නිසා ගාල්ල හික්කඩුව අතර පයිලට් (නියමු) ක්‍රමයට දුම්රිය ධාවනය කරවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවසීය. පෙරේදා සවස ද මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් එන්ජිමේ දෝෂයකට ලක්වීම නිසා ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් මගී ජනතාව නොසන්සුන් තත්ත්වයට පත් වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]