|
||
2013 ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට මෙහෙයුම් කමිටුවක්
වර්ෂ 2013 දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ සත්කාරක හා මූලික කටයුතු සංවිධාන කිරීම සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් සහ ජාතික කාර්ය සාධන කමිටුවක් පත් කෙරේ. ජාතික මෙහෙයුම් කමිටුව අමාත්‍ය මට්ටමින් ද ජාතික කාර්ය සාධන කමිටුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ද යුතුව පත් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව තිබේ. 2009 වසරේදී ට්‍රිනිඩෑඩ් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක හමුවේ දී 2013 රාජ්‍ය නායක හමුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කෙරිණ. 2011 රාජ්‍ය නායක හමුව මේ වසරේ ඔක්තෝබර් මස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |