මුද්‍රණය සඳහා

 
රේගු සුරක්ෂිතාගාරයේ තිබූ රන් කිලෝ 15ක් අතුරුදන්

රේගු සුරක්ෂිතාගාරයේ තිබූ රන් කිලෝ 15ක් අතුරුදන්

ලංකා රේගු සුරක්ෂිතාගාරයේ තබා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් රත්රන් කිලෝ 15ක් පෙරේදා (23) උදේ 7.00 ට පමණ අතුරුදහන්වී තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් වටිනා භාණ්ඩ මෙසේ රේගු සුරක්ෂිතාගාරයේ තබන බවත් පසුගිය 23 වනදා සුරක්ෂිතාගාරයේ තබා තිබූ රත්රන් තොගයක් එම සුරක්ෂිතාගාරය කඩා රැගෙන ගොස් ඇති බවත්, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය කීවාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසියට පැමිණිලි කර තිබෙන බව පැවැසූ කරුණාරත්න මහත්මිය වැඩිදුර පරීක්ෂණ එම පොලීසිය මඟින් සිදුකරන බවද කීවාය.
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]