මුද්‍රණය සඳහා

 
බස් රථය ප්‍රපාතයට පෙරළී තිදෙනෙක් මරුට

බස් රථය ප්‍රපාතයට පෙරළී තිදෙනෙක් මරුට

31කට තුවාල
 

 

පස්සර නමුණුකුල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස්රියක් ඊයේ (24) සවස අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එහි ගමන්ගත් තිදෙනකු මියගොස් තිස්එක්දෙනකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් පස්සර දිසා රෝහලට සහ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පස්සර පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් පනස් දෙනකු පමණ බස්රථයේ සිට ඇත. තුවාල ලැබූ පුද්ගලයන් එකළොස් දෙනකු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මගී ප්‍රවාහන බස්රිය පෞද්ගලික බස්රියක් වන අතර පස්සර සිට නමුණුකුල හරහා මියනකදුර දක්වා ධාවනය වෙමින් තිබී ඇත. නමුණුකුල ප්‍රදේශයේදී තවත් බස්රියකට ඉඩදීම සඳහා මෙම බස්රිය මාර්ගය අයිනට ගත් අවස්ථාවේදී පෙරළී ගොස් ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයන් අතර කුªඩා ළමුන් සහ කාන්තාවන්ද සිටිති. මියගිය තිදෙනා අතර කාන්තාවකද සිිටින බව පොලිසිය පවසයි. මොවුන් මාතලේ සහ පස්සර මියනකදුර ප්‍රදේශයේ පදිංචි කරුවන්ය. සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]