හොරණ රසායනාගාරයක හොර රුධිර පරීක්ෂණ යන්ත්‍රයක්

හොරණ රසායනාගාරයක හොර රුධිර පරීක්ෂණ යන්ත්‍රයක්

ඖෂධ අධිකාරියෙන් සීල් තබයි

ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි නොකළ රුපියල් ලක්ෂ 25ක් වටිනා හිමටලොජි ඇනලයිස් යන්ත්‍රයක් එම අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. රුධිරය පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා මේ යන්ත්‍රය හොරණ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රසායනාගාරයක තිබී අත්අඩංගුවට ගෙන ඇත.භමහජන පැමිණිලිවලට අනුව උසාවි නියෝගයක් මගින් මේ වැටලීම සිදුකර යන්ත්‍රයට සීල් තැබූ බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

මේ යන්ත්‍රය අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම යන්ත්‍රය මෙරටට ගෙනා ආයතනයට සහ යන්ත්‍රය භාවිත කළ රසායනාගාරයට එරෙහිව නඩු පවරා ඇතැයි ද ඒ මහතා කීය. මෙලෙස ව්‍යාජ යන්ත්‍ර යොදා ගනිමින් රුධිර පරීක්ෂණයක් සිදුකර ලබාගන්නා වැරැදි තොරතුරු මගින් රෝගීන්ගේ ජීවිත පවා අහිමි වීමේ අවදානමක් පවතියි. ගුණාත්මක භාවයෙන් තොර රට පුරා පවත්වාගෙන යන මෙවැනි රසායනාගාර පිළිබඳව දිගටම වැටලීම් සිදුකරන බව ද වෛද්‍ය බෙනරගම මහතා පැවැසුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා