‘ෆුකුෂිමා’ පිපිරීමෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

‘ෆුකුෂිමා’ පිපිරීමෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

ජපනයේ ෆුකුෂිමා ඩායිච් න්‍යෂ්ටික පිපිරීම්වලින් ශ්‍රී ලංකාවට බලපෑමක් වී නොමැති බව පරමාණු ශක්ති අදිකාරිය පරීක්‍ෂණ වලින් තහවුරු කර තිබේ. මේ පරීක්‍ෂණවලට අනුව ප්‍රදේශ 8 කින් ලබාගත් සාම්පල්වල (නියැඳි) විකිරණශීලිතාවයේ වෙනසක් නොමැති බවත් වායුගෝලයේ ඉන් පෙර තිබූ දත්තයන්ට සමාන දත්තයන්ම ලැබී ඇති බවත් පරමාණු ශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ඩබ්ලිිව්. අබේවික්‍රම මහතා, දිනමිණට ඊයේ (24) පැවැසීය.

මේ පිළිබඳ පරීක්‍ෂණ දිගින්දිගට ම සිදු කෙරෙන බැවින් මේ ලබා ගත් දත්ත මූලික දත්තයන් ලෙස තබා ගන්නා බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ගාල්ල, මාතර , මහනුවර, පේරාදෙණිය, මන්නාරම, ත්‍රිකුණාමලය, අනුරාධපුර, කැලණිය දිස්ත්‍රික්කවල මේ පර්යේෂණ ආරම්භ කෙරුණේ පසුගිය 16 වැනිදායි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා