මුද්‍රණය සඳහා

 
කලට පෙර පැහෙන්න ගිහින් සජිත් බොල් වී ඇටයක් වෙලා

කලට පෙර පැහෙන්න ගිහින් සජිත් බොල් වී ඇටයක් වෙලා

- නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර

නියමිත කාලයට පෙර පැසෙන්නට ගොස් සජිත් අද බොල් වී බවට පත්ව ඇතැයි වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා පවසයි. මැතිවරණ කොපමණ පරාජය වුවත් රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයේ දිගටම රැඳී සිටින බවට තමන් එදා කළ ප්‍රකාශය අද තහවුරු වී ඇතැයි ද ඒ මහතා කීය.

රටේ බලය ලබා ගැනීමට නොහැකි වුවත් රනිල් ජාත්‍යන්තර සබඳතා ඇති බුද්ධිමත් නායකයකු බවත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු ලෙස ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලැබුණේ නම් තමන් ද ඡන්දය දෙන්නේ රනිල්ට බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය. එජාප නායකත්වයට පත්වීමට සජිත්ට තවත් වසර 20 ක් පමණ බලා සිටින්නට වන බවත් දේශපාලන අත්දැකීම් ලැබ සජිත් ඒ වනවිට පරිණත තත්ත්වයට පත්ව සිටිය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය. රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායක හා විපක්ෂ නායක ලෙස චිරාත් කාලයක් වැජඹීමට තමන් සුබ පතන බවද ඒ මහතා කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]