බිබිල ලංගම ඩිපෝවේ මුදල් වංචාවක්:

බිබිල ලංගම ඩිපෝවේ මුදල් වංචාවක්:

ආරක්ෂක අංශයෙන් විමර්ශන ඇරැඹේ

ඩිපෝවේ අයකැමිට භාරදුන් රු.29985ක් අතුරුදන්ලු

බිබිල ලංගම ඩිපෝවේ සිදුවී ඇතැයි කියන මුදල් වංචාවක් පිළිබඳව ඌව පළාත් ලංගම ඩිපෝ ප්‍රාදේශීය කාර්යාලයේ ආරක්ෂක අංශයේ නිලධරයන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.ඩිපෝවේ මුදල් අයකැමිට බස් කොන්දොස්තරවරුන් විසින් බාරදෙන ලද මුදල් හිඟවීම පිළිබඳව සිදුකළ විමර්ශනයකදී රුපියල් 29,985 ක මුදලක් අතුරුදන් බවට විමර්ශන නිලධාරින් සොයාගෙන තිබේ.

මේ සිද්ධිය පිළිබඳව ඌව පළාත් ලංගම ඩිපෝ කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු ආර්. ඩබ්. එම්. විජේරත්න මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවැසීය. බිබිල ලංගම ඩිපෝවේ මුදල් පරීක්ෂා කිරීමේදී එහි මුදල් අයකැමි භාරයේ තිබිය යුතු මුදලින් රුපියල් 29,985 ක හිඟයක් තිබෙනවා. දැනට අයකැමිගෙන් සහ තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශන කටයුතු සිදුකරගෙන යනවා. මුදල් වංචාවක් සිදුවී ඇති බවට විමර්ශනවලින් ඔප්පු වුණොත් නීත්‍යනුකූලව කටයුතු කරනවා යැයි විජේරත්න මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා