|
|||
දෙමටගොඩ දුම්රිය ස්ථානයේ මගීන්ට ප්‍රමාණවත් පහසුකම් නෑපළමුවන වේදිකාවේ ප්‍රවේශපත්‍ර කවුළු වහලා
උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට මරදාන දුම්රිය ස්ථානය පසුකළ විට හමුවන ප්‍රථම දුම්රිය ස්ථානය වන දෙමටගොඩ දුම්රිය ස්ථානයේ පහසුකම් ප්‍රමාණවත් නැති බව මගීහු කියති.1982 ජූනි මාසයේ 4 වැනි දින විවෘත කරන ලද මේ දුම්රිය ස්ථානය ඉතා දිගු දුම්රිය වේදිකා දෙකක් සහිතව දුම්රිය මාර්ග තුනකින් සමන්විත වේ. මෙහි වේදිකා දෙකේ ගොඩනැඟිලිවලින් ප්‍රයෝජනයක් නොගන්නා බව මගීහු කියති.
දුම්රිය ස්ථානයට අයත් එක් වේදිකාවක ඇති දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන කවුළු
පද්ධතියම වසා දමා ඇත.
ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ අනෙක් වේදිකාවේ ඇති කුඩා කාමරයකය. වැසිකිළි පහසුකම් ද
ප්‍රමාණවත් නොවේ. ගැහැනු පිරිමි දෙපක්ෂයටම ඇත්තේ එක් වැසිකිළියක් පමණි.
කාන්තාවන් සඳහා වෙනම වැසිකිළියක් ඉදිකිරීමට ඕනෑ තරම් ඉඩ පහසුකම් ඇතිබව මගීහු කියති.
දෙමටගොඩ නගරය කොතරම් සංවර්ධනය වුවත් දෙමටගොඩ දුම්රිය ස්ථානය තවමත් පහසුකම් කිසිවක්
නොමැතිව නොදියුණු තත්ත්වයේ පවතී. |
|||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |