මුද්‍රණය සඳහා

 
හම්බන්තොට ආයුර්වේද රෝහල් සංවර්ධනය කිරීමට පියවර

හම්බන්තොට ආයුර්වේද රෝහල් සංවර්ධනය කිරීමට පියවර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආයුර්වේද රෝහල් සංවර්ධනය කිරීමට දකුණු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ආයුර්වේද රෝහල සහ හම්බන්තොට මීගහජඳුර රෝහලද මේ අතර වෙයි.

ගොඩනැගිලි අලුත්වැඩියාව, ජල හා සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම, බාහිර හා නේවාසික ප්‍රතිකාර අංශයන්හි පහසුකම් වැඩි දියුණු කිරීම රෝහල් ආශ්‍රිතව ඔසු උයන් ආරම්භ කිරීම ආදිය මෙම සංවර්ධන සැලැස්මට අයත් වෙයි. දකුණු පළාත වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙසිය දහයක පමණ මුදලක් වෙන් කර ඇති බව දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]