මුද්‍රණය සඳහා

 
ගම්පහ පොදු ළිදේ වැඩ අතරමග

ගම්පහ පොදු ළිදේ වැඩ අතරමග

ගම්පහ මහ නගර සභාවට අයත් ඉහළගම විජයාරාම පාරේ පොදු නාන ළිද අලුත්වැඩියා සිදුකළ කොන්ත්‍රාත්කරුට නියමිත පරිදි මුදල් නොගෙවීම නිසා ළිදේ අලුත්වැඩියා කටයුතු අතරමග නවතා දමා සියලු බඩු බාහිරාදියද රැගෙන කොන්ත්‍රාත්කරු පිටවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

විශාල පිරිසක් ප්‍රයෝජනයට ගන්නා මේ ළිඳ අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් වෙන් කර ඇතත් නගර සභාව මගින් කොන්ත්‍රාත් කරුට නියමිත පරිදි මුදල් ගෙවා නොමැති බැවින් අලුත්වැඩියා කටයුතු ඇනහිට ඇතැයි කියති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]