මුද්‍රණය සඳහා

 
මුරලි සූදානම්

මුරලි සූදානම්

එංගලන්තය සමඟ හෙට (26) පැවැත්වෙන ලෝක කුසලාන තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කිරීමට සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් විශ්වාසය පළකළේය.

එක්දින පිටියේ කඩුලු 530 ක් දවාලමින් වැඩිම එක්දින කඩුලුලාභියා ලෙස වාර්තාව උසුලන 38 හැවිරිදි මුරලිදරන් ලෝක කුසලාන තරගමාලාවේ මූලික වටයේ නවසීලන්තය සමඟ පැවැති තරගය අතරතුරදී පාදයේ ආබාධයකින් පීඩාවට පත්ව සිටියේය. පෙරේදා (23) පුහුණුවීම්වලට ද ඔහු සහභාගි වූයේ මඳ වශයෙනි. 

”මුරලි පෙරේදා මිනිත්තු 20 ක් පමණ පන්දු යැවීමේ පුහුණුවීම්වල යෙදුණා. ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට හැකි වේවා කියලා අපි විශ්වාස කරනවා” බේලිස් පැවැසීය. ”ඔහු නිශ්චිත වශයෙන්ම ශ්‍රී ලංකා පිලේ ඉතා අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්.”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]