අයිවරි කෝස්ට් ජනපති ලොරෙන්ට් බැන්බෝ අපි‍්‍රකානු නායකයන්ගේ තර්ජන නොතකයි

අයිවරි කෝස්ට් ජනපති ලොරෙන්ට් බැන්බෝ අපි‍්‍රකානු නායකයන්ගේ තර්ජන නොතකයි

අයිවරි කෝස්ට්හි ජනාධිපති ධුරයේ රැඳී සිටින ලොරෙන්ට් බැන්බෝට එරෙහිව හමුදා බලය යොදවන බවට අපි‍්‍රකානු රාජ්‍ය නායකයන් කළ තර්ජනය නොතකා දිගින් දිගටම ඔහු බලයේ රැඳී සිටීමෙන් අර්බුද උග්‍රවීම හේතු කොටගෙන බටහිර අපි‍්‍රකානු නායකයෝ පෙරේදා යළි දෙදින සමුළුවකට මුළුදුන්හ. බටහිර අපි‍්‍රකානු ආර්ථික සහයෝගීතා සංවිධානයේ තත්කාලීන සභාපති හා නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් ප්‍රකාශ කර ඇත්තේ කෝස්ටරිකා අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ගයන්හි නියැලීම සඳහා එ.ජා. සංවිධානයෙන් ඉල්ලා සිටීමට මේ සමුළුවේදී අවධානය යොමන බවය.

සමුළුව ඊයේ අවසන් වීමට නියමිත විය. අයිවරි කෝස්ට් අර්බුදය විසඳීම සඳහා නිත්‍යනුකූලවම බලය යෙදවීමේ හැකියාව භාවිතා කළ හැකි මුත් සාමාජික රටවල් 15කින් යුත් මේ බටහිර අපි‍්‍රකානු ආර්ථික ප්‍රජාවට එය විසඳීම සඳහා වන අදිටන කැපවීම හා සාමූහිකත්වය පවත්වන බව ගුඩ්ලක් ජොනතන් කීවේය. පසුගිය සති කීපයේ දී බැග්බෝ සහ ජනාධිපති ධුරයේ නිත්‍යනුකූ®ල හිමිකරු ලෙස සැලකෙන අලස්සාති කුවාට්ටන්ගේ ආධාරකරුවන් අතර ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා