බංගබන්දු ෂීක් මුජිබර් රහ්මන් අනුස්මරණ කෞතුකාගාරය ජනාධිපති නැරඹූ අයුරු.

බංග්ලාදේශයේ තෙදින නිල සංචාරයක යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බංගබන්දු ෂීක් මුජිබර් රහ්මන් අනුස්මරණ කෞතුකාගාරය නැරඹූ අයුරු. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. එම්. අෂ්වර් මහත්ම මහත්මීහු මෙහි වෙති.

 

ඡායාරූපය - සුදත් සිල්වා

 







සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


අධ්‍යාපන-කෘෂි-ධීවර-වෙළෙඳ ක්ෂේත්‍ර වර්ධනයට

අවබෝධතා ගිවිසුම් හතරක්

ශ්‍රී ලංකා-බංග්ලාදේශ නායක සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අවබෝධතා ගිවිසුම් හතරකට සහ එක් හුවමාරු වැඩසටහනකට අස්සන් තබයි. අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර, වෙළෙඳ සහ සංස්කෘතික ක්‍ෂේත්‍ර පුළුල් කර ගැනීමේ අරමුණ ඇතිව මේ ගිවිසුම්වලට අස්සන් තබා ඇත. මේ නිසා දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බංගලාදේශ අගමැතිනි ෂික් හසිනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එරට අගමැති කාර්යාලයේ දී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේදී මේ ගිවිසුම්වලට පෙරේදා (18) අස්සන් තැබිණ.

විස්තර »

ශ්‍රී ලංකාවේ ජනපති විශිෂ්ට නායකයෙක්

බංග්ලාදේශ මුදල් ඇමැති මුහිත්

ශ්‍රී ලංකාවේ ජනාධිපති රටක්, ත්‍රස්තවාදයෙන් මුදාගත් විශිෂ්ට නායකයකු බව බංග්ලාදේශ මුදල් අමාත්‍ය අබුල් මාල් ඒ මුහිත් මහතා ප්‍රකාශ කරයි. එය ත්‍රස්තවාදයෙන් බැටකන අනෙක් රටවලට ආදර්ශයක් බව ද ඒ මහතා කීය. ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය ද ත්‍රස්තවාදයෙන් මෙන්ම බෙදුම් වාදයෙන් ද බැට කෑ බව ප්‍රකාශ කළ මුහිත් මහතා මහින්ද රාජපක්ෂ මහතා යටතේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු ශ්‍රී ලංකාව විශාල ආර්ථික ප්‍රගතියක් ලැබූ බව ද ප්‍රකාශ කෙළේ ය.

විස්තර »

ජනපති අද දිවයිනට

රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා වඩාත් ශක්තිමත් කරමින් දෙරටටම වඩා වාසිදායක එකඟතාවන්ට එළඹීමට ඉවහල් වූ බංගලාදේශ තෙදින නිල සංචාරය අතිසාර්ථකව නිමා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි.ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය ඉමහත් ගෞරවයක් සේ සැළකූ බංගලාදේශ රජය ලොව ඉහළම පෙළේ රාජ්‍ය නායකයන්ට ලබා දෙන සත්කාර දැක්වීම සුවිශේෂී කරුණකි.

විස්තර »

කිරින්දේ පොළොව දෙදරා නිවාස හතකට හානි

හම්බන්තොට කිරින්ද යාල හන්දිය ප්‍රදේශයේ පෙරේදා (18) රාත්‍රී 10.10 ට පමණ සිදු වූ පොළොව දෙදරායෑමකින් නිවාස හතකට හානි සිදු වී තිබේ. පොළව දෙදරායෑම කිසිසේත් භූමි කම්පාවක් නොවන බව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.හක්මණ, පල්ලේකැලේ සහ මිහින්තලේ ප්‍රදේශවල පිහිටුවා ඇති භූමි කම්පන මධ්‍යස්ථානවල සටහන් වී නොමැති බව, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා දිනමිණ කළ විමසීමකදී පැවැසුවේ ය.

විස්තර »

බැන් කී මූන්ගේ වාර්තාව
ආරක්ෂක මණ්ඩලය හමුවට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. යුද ගැටුම් පැවති කාල සමයේ අපරාධ සිදු වූ බවට චෝදනා නඟමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර මෙහිදී පැන නැඟී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත්වී ඇත.

විස්තර »

පිටි මිල වැඩිකිරීම ඉවත් කර ගන්න

ඇමැති පිටි සමාගම්වලට කියයි

පාරිභෝගික අධිකාරියේ අවසරය නොමැතිව පාන් පිටි මිල රුපියල් හතරයි ශත දහයකින් (4.10) සෙරන්ඩිබ් සමාගම වැඩිකර ඇති අතර එම වැඩි කිරීම වහාම ඉල්ලා අස්කරගන්නා ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉහත කී සමාගමට දැනුම් දී තිබේ. පාරිභෝගික අධිකාරි පනතේ 8 (2) වගන්තිය යටතේ පාන් පිටි මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ අවසරය ලබාගැනීමට අත්‍යාවශ්‍ය වෙයි.

විස්තර »

එජාපය පවසන පරිදි හම්බන්තොට
වරායේ විශාල කළු ගලක් නැහැ

නි. ඇමැති රෝහිත අබේගුණවර්ධන

හම්බන්තොට වරායේ විශාල කළුගලක් ඇතැයි එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කමින් යැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ එම ප්‍රකාශය පිළිබඳ තමා කනගාටු වන බවද ඒ මහතා පවසයි. මාගම්පුර වරාය පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු නොකර ඒ පිළිබඳ නිසි අවබෝධයක් ඇති අයකු සමඟ කතිකාවතකට පැමිණ සත්‍ය අවබෝධ කර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා හරීන් ප්‍රනාන්දු මහතාට ආරාධනා කරයි.

විස්තර »

මවත් පුතාත් නිදි යහනේ දී
අභිරහස් ලෙස මරා දමලා

සැමියා අතුරුදන්

බියගම පේරගස්හන්දිය බොරළුවල ප්‍රදේශයේ නිවෙසක නිදියහන මතදීම කාන්තාවක් සහ ඇගේ පුතණුවන් ඝාතනය කර දමා තිබිය දී බියගම පොලීසිය ඊයේ (19) අලුයම සොයාගෙන ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ පේරගස්හන්දිය බොරළුවල පදිංචි පතිරගේ ලසිකා හේමසීලි (36) සහ හෙට්ටිආරච්චිගේ රවිඳු ඉමේෂ් (8) අයවලුන්ය. ඉකුත් (16) දා රාත්‍රී 8.30 ට පමණ මේ නිවසේ පදිංචිව සිටි ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමියා සහ ඝාතනයට ලක්වූ දෙදෙනා අසල්වාසීන් සමඟ කතාබහකර සිට ඇති අතර ඉන්පසුව මොවුන් පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු හෙයින් අසල්වාසීන් ඊයේ (19) අලුයම....

විස්තර »

ලේක්හවුස් අමාදහර සදහම්
වෙසක් කලාපය උත්කර්ෂවත් අයුරින්

ලේක්හවුස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන අමාදහර සදහම් වෙසක් කලාපය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මැයි මස 17, 18, 19 තෙදින ලේක්හවුස් ආයතනය අභියස පැවැත්වෙන මේ තරගය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අදාළ ඇතුළත්වීමේ කූපනය ලේක්හවුස් පුවත්පත්වල පළ කෙරෙනු ඇත. වැඩි විස්තර 011 2319761 - දිල්ශාන් , 011 2429373 - උදාර දුරකතන අංකවලින් ලබා ගත හැක.

මහජනතාවට විශිෂ්ටතම සේවය සිදු කළ හැක්කේ රාජ්‍ය සේවකයාටයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 අප්‍රෙල් 08 කොළඹ දී



වෙළඳ දැන්වීම් . . . .
 

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
යුද්ද පිරුණු කොරියාවේ ඉපදීලා
කොහෙද තිබුණු පරණ පිනක් පල දීලා
යූ එන් පුටුවෙ වාඩි වුණත් පිටදීලා
බං කී මූන් පව් කරනවා වද දීලා