මුද්‍රණය සඳහා

 
කිරින්දේ පොළොව දෙදරා නිවාස හතකට හානි

කිරින්දේ පොළොව දෙදරා නිවාස හතකට හානි

හම්බන්තොට කිරින්ද යාල හන්දිය ප්‍රදේශයේ පෙරේදා (18) රාත්‍රී 10.10 ට පමණ සිදු වූ පොළොව දෙදරායෑමකින් නිවාස හතකට හානි සිදු වී තිබේ. පොළව දෙදරායෑම කිසිසේත් භූමි කම්පාවක් නොවන බව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි. හක්මණ, පල්ලේකැලේ සහ මිහින්තලේ ප්‍රදේශවල පිහිටුවා ඇති භූමි කම්පන මධ්‍යස්ථානවල සටහන් වී නොමැති බව, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා දිනමිණ කළ විමසීමකදී පැවැසුවේ ය.

භූ කම්පනයක් සිදු වූයේ නම් එය කිසිසේත් මෙවැනි කුඩා ඉඩකට පමණක් සීමා නොවන බව පැවැසූ හෙතෙම කියා සිටියේ මෙය පොළව ගිලා බැසීමක්, පිපිරීමක් හෝ වෙනත් හේතුවකින් සිදු වී ඇති බවයි. මේ පිළිබඳ පරික්ෂණ කිරීමට නිලධාරීන් එම ස්ථානයට යවා ඇති බවත් ඒ මහතා කීය. පොළව දෙදරා යෑමෙන් නිවාස හයකට අර්ධ හානි ද එක් නිවසකට බරපතළ හානි ද සිදු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]