මුද්‍රණය සඳහා

 
මතුගම සතිපොළේ වැසිකිළි අබලන්

මතුගම සතිපොළේ වැසිකිළි අබලන්

මතුගම පොදු වෙළඳපොළේ සතිපොළ මැද ඇති වැසිකිළි පද්ධතිය කැඩී බිදී වළවල් උතුරායාම නිසා මහත් සෞඛ්‍ය ගැටලු මතු වී ඇති බව ප්‍රදේශවාසීහු කියති. වැසිකිළි ආශි‍්‍රතව ඇති වළවල් කැඩී බිඳීයාම නිසා දුගඳ හමා යයි. වැසි සහිත දිනවල සේදීයෑමට ලක්ව අපවිත්‍ර දෑ සති පොළ භූමියට ගලා ඒම සිදුවේ. දැනට තිබෙන වැසිකිළි දෙකත් පාවිච්චි කරන නමුත් කාන්තාවන්ට එහි යෑමට හැකියාවක් නැත.

වැසිකිළි අබලන්ව දොරවල් කැඩි බිඳී ගොස් ඇත. නිසි ලෙස පිරිසුදු කිරීමක් දක්නට නොමැත. සතිපොළට පැමිණෙන වෙළඳුන්ට යාමට ඇත්තේ මෙම වැසිකිළිය පමණි. වෙළෙදුන් විශාල පිරිසක් සිටින නිසා ඔවුහු මහත් අපහසුතාවට මුහුණ පාති.මෙම වැසිකිළි පද්ධතිය කැඩී බිඳීගොස් වසර ගණනාවක් ඉක්මගොස් ඇතත් මෙතෙක් අලුත්වැඩියා කිරීමට පියවර ගෙන නොමැති බව ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

මතුගම සතිපොළේ
දුගඳ හමන වැසිකිළි

මතුගම සතිපොළේ ව්‍යාපාරිකයකු වන කේ. පියන්ත මහතා

අපි සතිපතා මේ පොළේ ව්‍යාපාරික කටයුතු සිදු කරනවා. මේ වැසිකිළි පහසුකම් නැතුව දැඩි අපහසුතාවකට ලක්වෙනවා. අසල්වැසි නිවාස හිමියන්ගේ පිහිට පැතීමට සිදු වෙලා මේ සතිපොළේ කාන්තාවන්ද භාණ්ඩ අලෙවි කිරීමේ නිරත වෙනවා. ඔවුනට වැසිකිළි අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාවක් නැහැ. අපේ බදු මුදල්ද නිසිපරිදි අය කරනවා. නමුත් අපට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන නැහැ.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්. ජී. ලියනආරච්චි මහතා

මතුගම පොදු වෙළෙඳපොළේ සතිපොළ ආශි‍්‍රතව ඇති පොදු වැසිකිළි පද්ධතිය දැඩි ලෙස අබලන් වෙලා මේ පිළිබඳව එහි ගොස් පරීක්‍ෂා කළා. සතිපොළේ වෙළෙඳුන්ට එය ඉතාමත් අත්‍යවශ්‍යයි. ඉතාමත් කඩිනමින් මෙම වැසිකිළි ඉදිකර දීමට කටයුතු කරනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]