මුද්‍රණය සඳහා

 
අවුකන-නෑගම දුම්රිය නවත්වන්නේ නෑ: මගීහු අසීරුවේ

අවුකන-නෑගම දුම්රිය නවත්වන්නේ නෑ: මගීහු අසීරුවේ

පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කිසිදු දුම්රියක්, අවුකන හා නෑගම දුම්රිය ස්ථානවල නතර නොකිරීම නිසා ප්‍රදේශවාසී දුම්රිය මගී ජනතාව විශාල අපහසුතාවකට පත්ව සිටිති.

මුස්ලිම් ජනතාව බහුල වශයෙන් ජීවත්වන නෑගම, උඩනෑගම, බොරැල්ල, වෙරුංකුලම, මුස්නව පාර ආදී ප්‍රදේශවල ජනතාව හා මහවැලි ‘’එච්’’ කලාපයේ ගල්නෑව, බුල්නෑව, අවුකන, කලංකුට්ටිය ආදී නගර ආශ්‍රිත ගම්මාන සිය ගණනක ජනතාවට මෙම ගැටලුව බලපාන බව ඔවුහු පවසති. එපමණක් නොව අවුකන පූජා භූමියට එන යන බැතිමතුන්ට සංචාරකයන්ට, ගාල්ල මාතර වැනි ප්‍රදේශවල ජනතාවට විශාල කරදරයක් බව පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]