හඳුනා නොගත් රෝගයකින් වවුනියාවේ ගවයන් රැසක් මිය ගිහින්

හඳුනා නොගත් රෝගයකින් වවුනියාවේ ගවයන් රැසක් මිය ගිහින්

හඳුනා නොගත් රෝගයක් වැළඳීමෙන් වවුනියාව ප්‍රදේශයේ ගවයන් මියයන බව ගව හිමියෝ පවසති. පසුගිය මාස කීපය තුළ අධික වර්ෂාව හේතුවෙන් ද ගවයන් විශාල සංඛ්‍යාවක් මිය ගිය අතර මේ දිනවල මෙම ප්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය මෙසේ මිය යාමට හේතු වී ඇතැයි විශ්වාස කරයි.

විශේෂයෙන් නිදැල්ලේ සැරිසරන ගවයන්ට දිවා කාලයේ බීමට ජලය ගැනීමේ දී වැව්වල ජලය දැඩි ලෙස රත්වී තිබීම නිසා ගවයන් ජලය පානය කිරීමට මැලිකමක් දක්වති. ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටින ගවයන් හිටි ගමන් කෑම නොකා සිටීමත් ඉන් පැය කීපයකට පසු මිය යෑමත් නිසා ප්‍රතිකාරයක් හෝ කිරීමට අවස්ථාවක් නොමැති වී ඇත. වසු පැටවුන් විශේෂයෙන්ම මේ දිනවල මෙසේ මිය යන අතර එළදෙනුන් ද විශාල සංඛ්‍යාවක් මියගොස් ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා