තරුණියක අපයෝජනය කළ අයකුට දඩ සහ සිර දඬුවම්

තරුණියක අපයෝජනය කළ අයකුට දඩ සහ සිර දඬුවම්

ඇඹිලිපිටිය මැණික්පුර ප්‍රදේශයේ නිවෙසකදී තරුණියක දූෂණය කළ බව කියන පුද්ගලයකුට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් දඬුවම් නියම කළේය.

පැහැරගෙන යෑම සහ අතවර කිරීම සම්බන්ධව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය විසින් පවරා තිබූ මෙම නඩුවේ පළමු චෝදනාවට වසර දෙකක සිර දඬුවම වසර දහයකට අත්හිටුවා රු: 250ක දඩ මුදලක් හා මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් ද දෙවැනි චෝදනාවට වසර දෙකක සිර දඬුවම වසර දහයකට අත්හිටුවා රු: 2500/- ක දඩ මුදලක් ද දඩ මුදල් නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් ද මෙයට අමතරව රු: 50000 ක දඩ මුදලක් නියම කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා