මතුගම නගරයේ වටරවුමට ආරක්ෂිත වැටක් නෑ: අනතුරු වැඩිවෙලා

මතුගම නගරයේ වටරවුමට ආරක්ෂිත වැටක් නෑ: අනතුරු වැඩිවෙලා

පදිකයන් හිතුමතේ පාර මාරු වන බවට චෝදනා
 

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්. ජී. ලියනආරච්චි මහතා ආරක්ෂිත වැටක් ඉදිකිරීමට
පරීක්ෂා කරමින්.

ආරක්ෂිත වැටක් නොමැති නිසා හිතුමතේ පාර මාරුවන පදිකයෝ

මතුගම නගරයේ වටරවුම වටා ආරක්ෂිත වැටක් මෙතෙක් ඉදිකර නොමැති හෙයින් නිතර නිතර පදිකයන් අනතුරුවලට මුහුණ පාති.නගරයට එන පදිකයෝ නගරයේ විවිධ ස්ථානවලින් පාර මාරුවෙති. මේ නිසා දිනපතාම වාගේ නගර මධ්‍යයේ අනතුරු සිදුවේ. නගරයේ ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගන්නැයි මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් කළත් මේ දක්වා පියවර ගෙන නැත.

මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ. ඒ. උදයකුමාර මහතා - මතුගම නගර මධ්‍යයේ ආරක්ෂිත වැටක් මෙතෙක් ඉදිකර නැහැ. මෙය නගරයේ අනතුරු සිදුවීමට හේතු වී තිබෙනවා. පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් නිතරම යොදවා අනතුරු අවම කිරීමට කටයුතු ද කර තිබෙනවා. ආරක්ෂිත වැටක් ඉදිකරදීමට පියවර ගන්නා ලෙස අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළා.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්. ජී. ලියනආරච්චි මහතා - මතුගම නගරයේ ආරක්ෂිත වැටක් නොමැතිවීම බලවත් අඩුපාඩුවක්. මේ නිසා නගරයේ අනතුරු සිදුවනවා වැඩියි. කඩිනමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා