|
||
ආසියානු බැඩ්මින්ටන් සූරතා පළමු වටයෙන් දිනුකට ජයනිලූක-තිළිණි-චන්ද්‍රිකා-අචිනි පරදිති
චීනයේ චෙන්ග්ඩූහී දැන් පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් සූරතාවලියේ ඊයේ පැවැති මූලික වටයේ තරග 4 කට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් දිනූක කරුණාරත්න දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. ඒකල තරග වටයේ පළමු තරගයේදී පිලිපීනයේ පිලිෆ් ජෝපර් 21-15 හා 21-18 ක් ලෙස පරාජය කළ දිනූක කරුණාරත්න අද පැවැත්වෙන දෙවැනි වටයේ තරගයට සහභාගී වේ. දිනූක කරුණාරත්න නිමා වූ ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ සූරතාව දිනා ගැනීමට ද සමත්විය. මේ අතර වැඩිම වාර ගණනක් ජාතික සූරයා වූ නිලූක කරුණාරත්න, ඔලිම්පික් ක්‍රීඩිකා තිළිණි ජයසිංහ, ජාතික සූරතාව දිනා සිටින චන්ද්‍රිකා ද සිල්වා හා අචිනි රත්නසිරි පළමු වටයේ සහභාගී වූ ඒකල තරගවලින් පරාජයට පත් වූහ. කාන්තා ඒකල සුදුසුකම් ලැබීමේ තරගයේදී ජපානයේ මිතානි මිනාටිසු සමග තරග කළ අචිනි රත්නසිරි 21-14, 21-18 ක් ලෙස පරාජයට පත්වූවාය. එහි දෙවැනි තරගයට එක් වූ තිළිණි ජයසිංහ 21-12, 21-13 ක් ලෙස හොං කොංහීයින්ග් සුළුටි ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත් වූවාය. කාන්තා ඒකල තරගයේ මූලික වටයෙන්ම රේණු චන්ද්‍රිකා වියට්නාමයේ තී ට්‍රෑනස්ග් හමුවේ 21-13, 22-24 හා 21-10 ක් ලෙස පරාජය වූවාය. පිරිමි ඒකල මූලික වටයේදී නිලූක කරුණාරත්න චීන තායිපේහී හුසාන් යු වෙතින් 21-16, 21-14 ක් ලෙස පරාජයට පත්විය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |