සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

මේ විජයග්‍රහණය සියලු ජාතීන්ටයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කෙළේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දෙවැනි විජයග්‍රාහී විරු සැමරුම් ජාතික උළෙලට ඊයේ එක්වෙමිනි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර පිටියේදී උලෙළ පැවැත්විණි. ලොව දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කර මාතෘ භූමිය එක්සේසත් කළ අපට අද මහත් අභිමානයෙන් යුක්තව ජාතික ධජය එසවීමට පුළුවන්කම ලැබී ඇති බව එතුමා එහිදී සඳහන් කෙළේ ය. අපි මේ සමරන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට එක්ව රටේ ජීවත් වීමට මෙන්ම ප්‍රාණ ඇපකරුවන් වූ උතුරේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නිදහස ලබා දීමත් යන විජයග්‍රහණ බවද....

විස්තර »

සඳු හිරු ඇති තුරු හෙළ අභිමානය
ලොවටම පැතිරූ අමිල දිනක්...

ශ්‍රී ලාංකේය ධරණි තලයෙන් කොටි ත්‍රස්තවාදය අතුගා දැමීමට දිවි හිමියෙන් කැපවූ වීරෝදාර රණවිරුවන් එහිදී පෑ වීර විකුමන් අප දෑස් පනාපිට මහත් අභිමානවත් සහ විචිත්‍රවත් ලෙස විදහා පෑ දෙවැනි විජයග්‍රාහි විරු සැමරුම කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ (27) පෙරවරුවේ පැවැත්විණි. ලක් පොළොව, නිල් අහස, නිල් දියඹ කුරිරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් නිදහස් කර ගැනීම සඳහා එඩිතර හා අභීත ලෙස නායකත්වය ලබාදුන් සේනාධිනායකයා ද පළමු පුරවැසියා ද විධායක ජනාධිපතිවරයා ද වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ප්‍රධාන සම්භාවනීය ප්‍රභූ පිරිස් සමූහයකගේ ගෞරවණීය සහභාගීත්වයෙන් යුතුව මේ සැමරුම පැවැත්විණි.

විස්තර »

වැස්සෙන්-නායයෑම්වලින්
මරණ 5 යි 1299කට පීඩා

ධාරානිපාත වර්ෂාවෙන් හා නායයෑම්වලින් ඊයේ (27) වනවිට පස්දෙනෙකු මියගොස් තිබේ. ගලිගමුව දම්වල ප්‍රදේශයේ විමලා සමරසිංහ (53) ඇගේ දියණිය වන උඩුගමයලාගේ වින්ධ්‍යා තුෂාරි (17) සහ, බුලත්කොහුපිටියේ දහසය හැවිරිදි තරුණියක් සහ තවත් අයෙක් ද, කළුතර මිල්ලනියේ පදිංචිකරුවෙකු ද මෙසේ මියගොස් ඇත. ගංවතුර, නායයෑම්, පස්කඳු කඩාවැටීම්, හේතුවෙන් මේ වනවිට පවුල් 409කට අයත් පුද්ගලයෝ 1299 දෙනකු පීඩාවට පත් වී ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස 15කට හානි වී තිබේ.

විස්තර »

සරසවි ඉසෙඩ් ලකුණු නිකුත් වෙයි

ඉහළම ඉසෙඩ් ලකුණු කොළඹින්
අඩුම ලකුණු මුලතිව්වලින්

මේ වසරේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් 20,274 දෙනකු ඇතුළත් කර ගන්නා අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඊයේ (27) නිකුත් කළේය. දැනට තෝරාගෙන ඇති මේ සිසුන් ගණන අතිරේක හා විශේෂ ප්‍රවේශය යටතේ 22000 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. 2010/2011 අධ්‍යයන වර්ෂ සඳහා 2010 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත තෝරා ගන්නා මෙම සිසුන් අතරින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට 1147 දෙනකු ද, ඉංජිනේරු විද්‍යාල සඳහා සිසුන් 1247 දෙනකු ද, භෞතික විද්‍යාව සඳහා සිසුන් 1650 දෙනකු ද, තෝරා ගැනෙන අතර කළමනාකරණය සඳහා 3287 දෙනකු සහ කලා අංශය සඳහා 3806 දෙනකු ද ඇතුළත් කර ගැනෙති.

විස්තර »

රාජ්‍ය සේවකයන්ගේ විනය සම්බන්ධයෙන්
දැඩි අවධානයක් යොමු කළ යුතුයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
නියෝජිතයන් හමුවේ ජනාධිපති කියයි

ජනතාවට කාර්යක්‍ෂම හා උපරිම සේවයක් සැලසීමට රාජ්‍ය සේවකයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.එමෙන්ම ජනතාව අපේක්‍ෂා කරන කාර්යක්‍ෂම සේවය ලබාදීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය දයාසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු එම නියෝජිතයන් පෙරේදා (26) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ අදහස් පළකළේය.

විස්තර »

මාරක රිය අනතුරේ රියදුරාට ඇප නැහැ

හංවැල්ල – කිරිදිවැල මහා මාර්ගයේ පූගොඩ කළු පාලම අසල දී කැබ් රථයක ගමන් කළ තිදෙනාටම මරු කැඳවමින් සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කන්ටේනර් ලොරි රථයේ රියදුරාගේ හා රිය සහායකගේ ඇප ඉල්ලීම සලකා බැලූ පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා එම රියදුරාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කොට රිය සහායක රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කෙළේය. තවද එම අනතුරට ලක්වූ කැබ් රථය හා කන්ටේනර් ලොරි රථය අයිතිකරුවන්ට මුදා හරින ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබීය.

විස්තර »

ශ්‍රී ලංකා-එංගලන්ත පළමු ටෙස්ට් තරගය

ප්‍රසන්න ජයවර්ධනගෙන් ශතකයක්

එංගලන්තය සමඟ කාඩිෆ් හී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27) විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ප්‍රසන්න ජයවර්ධන සිය ටෙස්ට් දිවියේ තුන්වැනි ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කිරීමට සමත්විය. ඔහු පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟ ලකුණු 112ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 400ක් රැස් කළේය.දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජේම්ස් ඇන්ඩර්සන් සහ ග්‍රෙහැම් ස්වාන් කඩුලු 3 බැගින් දවාලූහ. දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත පිල එක් කඩුල්ලකට ලකුණු 47ක් රැස් කරගෙන සිටියේය.

විස්තර »

රටට වැඩදායී දරුවන් තැනීම ගුරුවරයාගේ යුතුකමයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 මැයි 24 කොළඹදී



වෙළඳ දැන්වීම් . . . .
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast