මුද්‍රණය සඳහා

 
වැස්සෙන්-නායයෑම්වලින් මරණ 5 යි : 1299කට පීඩා

වැස්සෙන්-නායයෑම්වලින් මරණ 5 යි : 1299කට පීඩා

ධාරානිපාත වර්ෂාවෙන් හා නායයෑම්වලින් ඊයේ (27) වනවිට පස්දෙනෙකු මියගොස් තිබේ. ගලිගමුව දම්වල ප්‍රදේශයේ විමලා සමරසිංහ (53) ඇගේ දියණිය වන උඩුගමයලාගේ වින්ධ්‍යා තුෂාරි (17) සහ, බුලත්කොහුපිටියේ දහසය හැවිරිදි තරුණියක් සහ තවත් අයෙක් ද, කළුතර මිල්ලනියේ පදිංචිකරුවෙකු ද මෙසේ මියගොස් ඇත.

ගංවතුර, නායයෑම්, පස්කඳු කඩාවැටීම්, හේතුවෙන් මේ වනවිට පවුල් 409කට අයත් පුද්ගලයෝ 1299 දෙනකු පීඩාවට පත් වී ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස 15කට හානි වී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]