මුද්‍රණය සඳහා

 
අඩු ආදායම්ලාභී පවුල් 20කට ඉඩම් හිමිකම් ඔප්පු අද පිරිනැමේ

අඩු ආදායම්ලාභී පවුල් 20කට ඉඩම් හිමිකම් ඔප්පු අද පිරිනැමේ

අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් 20ක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම අද (28) දින හාරිස්පත්තුවේ යටිහලගල රතනජෝති හිමි විසින් සිදු කෙරෙයි. වේවැල්දෙනිය මංසන්ධියට ආසන්නව පිහිටි රත්මල්දෙනිය වත්තෙහි පර්චස් 1041 කින් සමන්විත භූමියෙන් මෙම ඉඩම් කැබැලි ප්‍රදානය කෙරෙනු ඇත. මේ අනුව මෙම ඉඩම් ලබාදීම ඒ හිමිගේ පෞද්ගලික ධනයෙන් සිදු කරයි. නිට්ටඹුව, උදම්මිට, හාරිස්පත්තුව, යටිහගල, පොල්ගහවෙල, නොච්චියාගම, තලාව, මීගමුව, කටුනේරිය, කටුගස්තොට, රත්නපුර, කොණ්ඩදෙනිය යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභී තරුණ පවුල් සඳහා මෙම ඉඩම් ලබා දෙයි.

නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය ගොඩනැඟිලි උපකරණ හා මුල්‍යාධාර බත්තරමුල්ල දම්රිවි පදනම, ඒකල නිවාස පුර බෞද්ධ සංගමය, හාරිස්පත්තුව මව්පිය පිදුම පදනම මඟින් ලබා දෙනු ඇත. අධිකරණ තීන්දුවකින් හිමි වූ මෙම භූමිය තම දෙමාපියන්ට සහ නැසීගිය සියලු දෙනාට පිං පිණිස ලබාදෙන බව රතනජෝති හිමියෝ පවසති. මෙම අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් සිදු වෙති. මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙයට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]