මුද්‍රණය සඳහා

 
මිල්ලනියේ නිවාස 92ක් ජලයෙන් යටවෙයි

මිල්ලනියේ නිවාස 92ක් ජලයෙන් යටවෙයි

අකුණුසර වැදී තරුණයෙක් මරුට

මහ වර්ෂාව හේතුවෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 05 කට අයත් නිවාස 92ක් මේ වනවිට ජලයෙන් යට වී ඇති බව මිල්ලනිය සමාජ සේවා අංශය පවසයි.

655 ගුංගමුව වසමේ නිවාස 67ක්ද, 644 සී රද්දෙගොඩ නිවාස 07ක්ද, 655 ඒ බැල්ලන්තුඩාව නිවාස 06 ක්ද, 645 මිල්ලනිය නිවාස 04ක් හා 667 හල්තොට වසමේ නිවාස 08ක්ද ජලයෙන් යටවී ඇත. විනාශ වූ කුඹුරු හා වගාවන් පිළිබඳ හානිය මෙතෙක් අනාවරණය කැරගෙන නොමැති අතර 653 පෙතිගමුව වසමේ තරුණයෙක් අකුණුසර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]