මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අධ්‍යයනයට චීනයෙන් දූත පිරිසක්

මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අධ්‍යයනයට චීනයෙන් දූත පිරිසක්
 

චීන සහයෝගිතා සංගමයේ නියෝජිත පිරිස යක්කල සිද්ධායුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනයේ දේශීය ඖෂධ නිෂ්පාදනය කෙරෙන අයුරු නිරීක්ෂණයට සහභාගි වූ අවස්ථාව. දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක යක්කල සිද්ධායුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගමේ සභාපති බැසිල් රංජිත් මහත්වරුද මෙහි සිටිති.

ඡායාරූපය – ගම්පහ සංචාරක නිමල් ජයසිංහ

චීනයේ ‘ඩයිනිස් ඇසෝසේසන් පො ඉන්ටනැෂනල් අන්ඩර්ස්ටෑන්ඩින්’ නොහොත් චීන සහයෝගිතා ජාත්‍යන්තර සංවිධානයේ පස් දෙනකුගෙන් යුත් දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.ඔවුන් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය අධ්‍යයනය කර චීන වෛද්‍ය ක්‍රමය ගැනද දැනුවත් කර දෙරටේම වෛද්‍ය ක්‍රම නඟා සිටුවීමේ අදහසින් සාකච්ඡා කිරීමට මෙසේ පැමිණ ඇත.

ශ්‍රී ලංකාවට පැමිණි එම චීන දුත පිරිස දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා මුණ ගැසී මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දේශීය ඖෂධ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කළ අතර යක්කල සිද්ධායුර්වේද ඖෂධ සමාගම එහි නිෂ්පාදන අංශය යක්කල ආයුර්වේද විද්‍යාලය ආයුර්වේද රෝහල නැරඹීමටද ගියහ. එහිදී මෙම නිෂ්පාදන අංශයන් නිරීක්ෂණය කළ දූත පිරිස දෙරටේම වෛද්‍ය ක්‍රම තවදුරටත් නගා සිටුවීමට සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට එකඟව සාකච්ඡා පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා