මුද්‍රණය සඳහා

 
ආසියානු වොලිබෝල් සමුළුවේ මහ පුටුවක් ඇමැති ඩිලාන්ට

ආසියානු වොලිබෝල් සමුළුවේ මහ පුටුවක් ඇමැති ඩිලාන්ට

ඉන්දියාවේ චෙන්නායි නුවරදී රැස්වූ ආසියානු වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටුවේ තීරණයකට අනුව ආසියානු වොලිබෝල් සම්මේලනයේ මධ්‍යම කලාපීය (AVC) සභාපති ධූරය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට හිමි වී ඇත. එහි ලේකම් ලෙස සුසිල් රණසිංහ මහතා ද තේරී පත්වී සිටී. මේ මධ්‍යම කලාපීය කාර්යාලය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට බලාපොරොත්තු වේ. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට ආසියානු මධ්‍යම කලාපීය රටවල වොලිබෝල් පරිපාලනය හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකිරීමට අවස්ථාව උදාවී ඇත.

ආසියානු මට්ටමේ වොලිබෝල් සහ බීච් වොලිබෝල් තරගාවලි සංවිධානය කිරීම, ජාත්‍යන්තර වොලිබෝල් / බීච් වොලිබෝල් පුහුණු සැසි පැවැත්වීම සහ දකුණු ආසියානු මට්ටමේ වොලිබෝල් ප්‍රවර්ධනය ද මේ කලාපීය කාර්යාලය මගින් සිදු කිරීමට නියමිතය. ආසියානු වොලිබෝල් සම්මේලනයට අනුයුක්ත එහි මධ්‍යම කලාපීය රටවල් අතරට ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, කසකස්තානය, මාලදිවයින, කිරිගිස්ථානය, නේපාලය, පාකිස්තානය, ඉන්දියාව, කජිකිස්තානය, උස්බෙකිස්තානය, ටර්ක්මේනිස්තානය හා ශ්‍රී ලංකාව ඇතුළත්ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]