“ත්‍රස්තවාදීන් පරාජය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්” ජාත්‍යන්තර සමුළුව.

“ත්‍රස්තවාදීන් පරාජය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්” ජාත්‍යන්තර සමුළුව ඊයේ (31) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගලදාරි හෝටලයේ දී පැවැත්විණි. එහිදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කළ අවස්ථාව. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරු මෙහි වෙති.

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු






සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැරැදවීම ඓතිහාසිකයි

‘ත්‍රස්තවාදය පරාජය කිරීමේ අත්දැකීම්’ සමුළුවේ දී ගෝඨාභය කියයි

මානුෂීය මෙහෙයුමක් සිදු කරමින් ත්‍රස්තවාදය පරාකළ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම ඓතිහාසික සිද්ධියක් බව ආරක්ෂක ලේකම්වරයා හඳුන්වයි.‘වසර තිහකට අධික කාලයක් ත්‍රස්තවාදය පැවතුණා. ජනාධිපතිවරුන් සිව් දෙනෙක් ත්‍රස්තවාදය විනාශ කිරීමට උත්සාහ ගත්තා. එල්. ටී. ටී. ඊ. ය සමග සාකච්ඡා කළා. සාම සාකච්ඡා වලට ගියා. එහෙත් ඒ කිසිවක් සාර්ථක නොවූ බව, රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලෝකයට බෙදා දීමට කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව අමතමින් ආරක්ෂක ලේකම්වරයා එම අදහස් පළ කළේය.

විස්තර »

කටුනායක විරෝධතාව

පොලිසිය මැදිහත්වී ඇත්තේ
රජයේ අනුදැනුමකින් තොරවයි

ඇමැති විමල් වීරවංශ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවැති විරෝධතාවට පොලීසිය මැදිහත්වූයේ ආණ්ඩුවේ බලධාරීන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව බව, ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති, විමල් වීරවංශ මහතා පවසයි. සාමකාමීව හා නිරායුධව පැවැති එම විරෝධතාවට පොලිසිය මැදිහත් වී මර්දනකාරී ලෙස හැසිරීම තරයේ හෙළා දකින බවද හෙතෙම අවධාරණය කළේය. ඊයේ (31) බත්තරමුල්ලේදී පැවැති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති විමල් වීරවංශ මහතා එම කරුණු අවධාරණය කළේය.

විස්තර »

කටුනායක වෙළෙඳ කලාපය යළි හෙට විවෘත වෙයි

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය යළි හෙට (02) විවෘත කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තීරණය කර තිබේ. කටුනායක වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් හා පොලිසිය අතර හටගත් ගැටුම හේතුවෙන් ඊයේ (31) සහ අද (01) දිනයන්හි වෙළෙඳ කලාපය වසා දැමීමට පියවර ගැනිණි. මේ වන විට නිදහස් කලාපය තුළ තත්ත්වය ඉතා සාමකාමී බව කටුනායක පොලිසිය පැවසීය.

මානව හිමිකම් සැසියේ දී

රුසියාව-චීනය ඇතුළු රටවල්
රැසක සහාය ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 17වැනි සැසිවාරයේ දී රුසියාව හා චීනය ඇතුළු රටවල් රැසක උපරිම සහාය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් රැසක් සුබවාදී අදහස් පළ කර තිබෙන අතර ඒ හේතුවෙන් මතභේදාත්මක දරුස්මාන් වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට ගත් උත්සාහයද අසාර්ථක වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විස්තර »

ලක්‍ෂ 55හේ මංකොල්ලයේ ලක්‍ෂ 22ක්
සැක 2ක් සමඟ අත්අඩංගුවට

කෑගල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකින් සොරකම් කළ රුපියල් ලක්‍ෂ පනස් පහක මුදලින් රුපියල් ලක්‍ෂ විසිදෙකක් සොරකම සිදුවී දින පහක් ඇතුළත සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසියේ නිලධාරීහු සමත් වෙති. පසුගිය 22 දා රාත්‍රී මේ ව්‍යාපාරික ස්ථානයට බිත්තියේ කවුළුවකින් ඇතුළු වී මුදල් පැහැරගෙන ඇති බව ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කැර ඇත.

විස්තර »

ත්‍රස්ත අභියෝග ජය ගන්න නොබැඳී ජාතීන්
අත්වැල් බැඳගත යුතුයි

වෙනස් වූ ගෝලීය පසුබිමක් ලෝකයේ රටවල් රැසකට පීඩා ගෙන දෙන ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීම සඳහා නොබැඳි ජාතීන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ යුතු බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ජී.15 කණ්ඩායම, බිම්ස්ටෙක් සංවිධානය, සාර්ක් සංවිධානය වැනි සමාන හර පද්ධතීන් සහිත සංවිධාන සමඟ නොබැඳි ජාතීන්ගේ සංවිධානය ද සහයෝගීතාව ගොඩනඟා ගැනීම මඟින් අමතර වාසි සලසා ගත හැකි බවද ඒ මහතා ප්‍රකාශ කරයි.ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා ඉන්දුනීසියාවේ....

විස්තර »

සමාධි පදනම විසුරුවන්න
රනිල්ගෙන් බුද්ධිකට නියෝග

බුද්ධික පතිරණ මහතා වසර කිහිපයක සිට පවත්වාගෙන එන සමාධි ප්‍රජා සංවර්ධන පදනම විසුරුවා හරින ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇතැයි වාර්තාවේ. බුද්ධික පතිරණ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලීමෙන් පසු මේ දැන්වීම කර ඇතැයි වාර්තාවේ. වසර පහක් පළාත් සභා මන්ත්‍රීවරයකු වසරක් පළාත් සභාවේ විපක්ෂ නායකයකු ලෙසද දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බුද්ධික පතිරණ මහතා පසුගිය මැතිවරණයේ මනාප 62,499 ලබාගනිමින් මාතරින් ප්‍රමුඛයා විය.

විස්තර »

දිනමිණ පුවත්පත සමඟ නිකුත් කළ “ආරෝග්‍යා” වෛද්‍ය අතිරේකය අද සිට ශ්‍රී ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය පුවත්පත ලෙස නිකුත් කෙරේ. “ආරෝග්‍යා” අද පෙරවරු 10ට ලේක් හවුස් ආයතනයේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වේ.

මානව හිමිකම් රැකීම යනු ජීවත්වීමේ අයිතිය රැකීමයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 මැයි 27 ගාලු මුවදොර පිටියේදී
 



වෙළඳ දැන්වීම් . . . .
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
සගයන් අවුස්සා රට වට හතර අතින්
වෘත්තිය සමිති ටික කලබල කෙරුව හොතින්
පැන්සොන් එකට කෙළවෙන කොට බනියි හිතින්
ඒ ගොල්ලන්ට නම් දෙයියනි මොකද ඉතින්