මුද්‍රණය සඳහා

 
කළු ගඟේ පා වූ මළ සිරුර හඳුනාගැනීමට බැරි තරමට නරක් වෙලා

කළු ගඟේ පා වූ මළ සිරුර හඳුනාගැනීමට බැරි තරමට නරක් වෙලා

කළුගඟේ පාවී විත් කළුතර කැලිඩෝ වෙරළට ගොඩගැසූ නාඳුනන නිරුවත් මළ සිරුරක් ඊයේ (31) උතුරු කළුතර පොලිසියට හමුවී ඇත.

මෙය පිරිමි අයෙකුගේද ගැහැණු අයකුගේද යන්න සොයා ගැනීමට නොහැකි වන ආකාරයට නරක්ව පවතින බවත් සිරුරේ කොටස් සතුන් විසින් කා දමා තිබූ බවත් ඒ මහතා කීය. මේ සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද උතුරු කළුතර පොලිස් ස්ථානාධිපතිවරයා කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]