සමාධි පදනම විසුරුවන්න රනිල්ගෙන් බුද්ධිකට නියෝග

සමාධි පදනම විසුරුවන්න රනිල්ගෙන් බුද්ධිකට නියෝග

බුද්ධික පතිරණ මහතා වසර කිහිපයක සිට පවත්වාගෙන එන සමාධි ප්‍රජා සංවර්ධන පදනම විසුරුවා හරින ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇතැයි වාර්තාවේ. බුද්ධික පතිරණ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලීමෙන් පසු මේ දැන්වීම කර ඇතැයි වාර්තාවේ.

වසර පහක් පළාත් සභා මන්ත්‍රීවරයකු වසරක් පළාත් සභාවේ විපක්ෂ නායකයකු ලෙසද දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බුද්ධික පතිරණ මහතා පසුගිය මැතිවරණයේ මනාප 62,499 ලබාගනිමින් මාතරින් ප්‍රමුඛයා විය.

දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් ඒකරාශි වූ එමෙන්ම තරුණ තරුණියන්ගේ අධ්‍යාපනික වෘතිමය තත්ත්වයන් වැඩිදියුණු කරලීම සඳහා විවිධ වැඩසටහන් හා ප්‍රජා සේවාවන් කරන ආයතනයක් බව සමාධි ප්‍රජා සංවර්ධන පදනම ප්‍රචලිතව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ හා සාගල රත්නායක මහතාගේ ඉල්ලීමක් අනුව මේ සංවිධානය විසුරුවාලීමට නායකත්වය කටයුතු කර ඇතැයි ද සඳහන් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා