නාගොඩ ඉහළ මුලන අක්: 80ක කුඹුරුයාය පුරන්වෙලා

නාගොඩ ඉහළ මුලන අක්: 80ක කුඹුරුයාය පුරන්වෙලා

මාපලගම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් නාගොඩ ඉහළ මුලන ප්‍රදේශයේ අක්කර අසූවකින් පමණ යුක්ත කුඹුරුයායක් පුරන් වී තිබේ.විවිධ වැඩසටහන් යටතේ ඇතැම් වසරවල අක්කර පහළොවක් විස්සක් වගාකළත් වැඩබිම් ප්‍රමාණයක් පුරන් වී තිබෙන අයුරු සුලබ දසුනකි. ඉතාමත් සරුසාර බම් තීරුවක ගිංගඟට ආසන්නව මේ කුඹුරුයාය පිහිටා තිබේ.

මේ කුඹුරුයායේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දැක් වූ සිරි ජයසේකර මහතා මේ කුඹුරු යායට පුවක්ගහහේන හා මහ ඉඳුර අයත් වෙනවා. මේ යායට අක්කර අසූවක් විතර තියෙනවා. හේතු රැසක් නිසා මෙහි කුඹුරු පුරන්වන ආකාරය දකින්න පුළුවන්. විශේෂයෙන්ම පෑලැස්සවත්ත ළඟින් ගඟ ගලායන ඇළ මාර්ගය සම්පූර්ණයෙන්ම පිළිසකර කළයුතුයි. සැතැපුම් තුනක් පමණ දිග මේ ඇළ ශුද්ධ පවිත්‍ර කර පිටවාන සකස් කළයුතුයි.

ඇන්. ජී. රත්නසිරි මහතා - මේ කුඹුරුයාය හැම අවුරුද්දකම යළ මහ කන්න දෙක වගා කරන්න පුළුවන්නම් ප්‍රදේශයට විශාල සෙතක්. නමුත් ගිංගඟ පිටාර යන අවස්ථාවල වගේම ගඟේ ජල මට්ටම ඉහළ යන විටම මේ කඹුරු යාය යටවෙනවා. ගිංගඟ යෝජනා ක්‍රමය දෙවැනි අදියර ක්‍රියාත්මක වුණා නම් හොඳයි.

සුනිල් කමල්රත්න මහතා - ගිංගඟ පිටාර ගැලීම නිසා වසරකට කීපවරක් යටවන වගාබිම් බේරගන්න වැඩසටහනක් අවශ්‍යයි.
 

කුඹුරුයාය පුරන්ව ඇති අයුරු

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා