වෙඩි තබා ඝාතනයකට තැත් කළැයි රඳවාගෙන ප්‍රශ්න කරයි

වෙඩි තබා ඝාතනයකට තැත් කළැයි රඳවාගෙන ප්‍රශ්න කරයි

ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ බවට සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත රදවා පරීක්ෂණ සිදුකරණ බව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතාට දැන්වීය. මේ අපරාධයට යොදාගෙන ඇති ගිනි අවිය එල්.ටී ටී.ඊ කල්ලි සාමාජිකකයන් දකුණේ කල්ලි වලට දේශපාලනඥයන් හා ප්‍රභූවරුන් ඝාතනය කිරීමට ලබා දී තිබූ අවියක් බවට තහවුරු වී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන් වීය

බෙලිඅත්ත හක්මන පදිංචි පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කැර තිබුණි. හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරු රඳවා තබා ප්‍රශ්න කරණ බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා