“අපි පෝෂණය කරන ස්ථාන විනාශ කර
අපිට පෝෂණය වන්න බැහැ ”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011.07.29. - අරලියගහ මන්දිරය




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

පරාක්‍රමබාහු රජතුමාගේ සීත මාලිගයට ගිනි තියලා

මුළු දූපතම ගින්නට බිලිවෙයි

ඉපැරැණි සංකේත සියල්ලම විනාසයි

ගිනි නිවීමේ ඇත්තොත් කර ඇරලා

මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ගී‍්‍රෂ්ම සෘතුවේදී වාසය කරන ලද බැව් සැලකෙන පරාක්‍රම සමුද්‍රය මධ්‍යයේ ඉදිකොට ඇති සීත මාලිගය කිසියම් පිරිසක් (9) මධ්‍යම රාත්‍රියේ ගිනි තබා විනාශයට පත්කොට තිබේ. පැය හතරකට අධික කාලයක් පුරා පැවැති මේ ගින්නෙන් මාලිගයේ ඉපැරැණි දෑ විනාශයට පත්ව ඇති අතර ගඩොල් බැමි බිමට සමතලා වී ඇත.පරාක්‍රමබාහු රජතුමා වාසය කරන ලද මේ මාලිගයේ කාමරවල බිත්ති පුපුරා කළුගල් විසිවී ඇති අතර ඉපැරැණි සංකේත සියල්ලක් ම වැනසී තිබේ.

විස්තර »

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීනයේ ඉන්ෆිනිටි තේ මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

චීනයේ සිවුදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10) චීනයේ ඉන්ෆිනිටි තේ මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ, ශ්‍රී ලංකාවේ චීන තානාපති යැංග් ෂියුපිග්, ඉන්ෆිනිටි තේ මධ්‍යස්ථානයේ සභාපති හුවංග් යංග්ජින් මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වූහ. ඡායාරූපය - සුදත් සිල්වා

උතුරට දෙන දේශපාලන විසඳුම ලියවිල්ලකට සීමාවන්නේ නෑ

කාලය මාස 6

සියලු ජාතීන්ට සාධාරණය

හොඳම තැන පාර්ලිමේන්තුව

- බැසිල් රාජපක්ෂ

උතුරේ ජනතාව වෙනුවෙන් ලබා දෙන දේශපාලන විසැඳුම හුදෙක් ලියවිල්ලක් නොව සියලු ගැටලු විසැඳෙන ප්‍රායෝගික විසඳුමක් බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. කුමක් හෝ විසැඳුමක් උතුරේ ජනතාවගේ කරපිට පැටවීමට රජයට අවශ්‍යතාවක් නැති බව සඳහන් කළ ඇමැතිවරයා කාලාන්තරයක් පවතින ස්ථිරසාර විසැඳුමක් ලබා දීම අරමුණ බවත් අවධාරණය කළේය.

විස්තර »

ආශා බෝස්ලේ ශ්‍රී ලංකාවට පැමිණේ . . .

සංගීත ප්‍රසංගයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ආශා බෝස්ලේ ඊයේ ස්වාධීන රූපවාහිනී ආයතනයට ගොඩවැදුනාය. ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා ඇයට සමරු තිළිණයක් ප්‍රදානය කළේය. අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික හෂීම් ඕමාර් මහතාත් භාතිය සහ සන්තුෂ් ද මෙහි වෙති.

පරාක්‍රමබාහු රජතුමාගේ ‘සීත මාලිගයට’ ගිනි තියයි

‘සීත මාලිගයට’ කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇති අන්දම.
ඡායාරූප – පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
තමන් ගේ ඇහේ ඇති පරාලය නැත පෙනී
අනුන්නේ ඇහේ රොඩු පිඹින්නට ඉම පනී
ප්‍රචණ්ඩත්වය ඇවිල ලන්ඩනය ගිනි ගනී
අපට නම් අපේ ගැන සතුටු වනු පුළුවනී