මරණ දැන්වීම්




 

එච්. එම්. පී. හේරත් මහතා - පද්මිනී මහීපාල මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද පමෝදා, අජිත්, ශා්‍යාමා යන අයගේ ආදරණීය පියාණන් වූද සුදත් පෙරේරා, නීල් වික්‍රමසිංහ, රුවිනි විජේසිංහ යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද ගයාන්, ගිහාන්, වනුජ, චනුක නිමාදිත් යන අයගේ ආදරණීය අත්තා වූද කුලියාපිටිය ඊරියගොල්ලේ විසූ එච්. එම්. පී. හේරත් මහතා අවු. 90 ක් ආයු වළඳා 2011 ක් වූ අගෝස්තු මස 10 වන දින සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳව අවසන් කටයුතු 2011 ක් වූ අගෝස්තු මස 11 වන දින සවස 5.00 ට කුලියාපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. නො. 87, කුරුණෑගල පාර, කුලියාපිටිය. 236814

ද සිල්වා එම්. එච්. නීලානන්ද (නිස්සංක) මහතා ශීලා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, නවින්ද්‍ර, පවිත්‍රි (කොළඹ කාන්තා විද්‍යාලය), මහීෂ (ඇමරිකාව) යන අයගේ ආදරණීය පියාණන් වූද, ඉනෝකා (ඩ්ඉඕඛ් බැංකුව) චිඩෘප (ජෝන් කීල්ස්) කවින්ද්‍යා (ඇමරිකාව) යන අයගේ මාමණ්ඩිය වූද, නැසීගිය දොස්තර මෙත්තානන්ද, මල්ලිකා විමලා හා නැසීගිය පත්මානන්ද යන අයගේ සොහොයුරා වූද, නවින්දි, රමික, යෙහිත් හා යෙහිනි යන අයගේ ආදරණීය සීයා වූද අම්බලන්ගොඩ, මහ අම්බලන්ගොඩ පෝය සීමාව පාර නො 21/3 හි පදිංචිව සිටි නීලානන්ද මහතා අභාවප්‍රාප්ත වූයෙන් අගෝස්තු මස 11 වන බ්‍රහස්පතින්දා අවමගුල් පෙරහැර සවස 4 ට නිවසින් පිටවන අතර එදින සවස 5 ට අම්බලන්ගොඩ පොදු සුසාන භූමියේදී ආදාහන කටයුතු සිදු කෙරේ.
234624

දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස - සභාපති, නවලෝක සමූහ ව්‍යාපාරය. - නැසීගිය මීලින් ධර්මදාස මැතිණියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, මාලනී කරුණාරත්න, රුක්මණී වෙල්ගම, පුෂ්පා හෙට්ටිආරච්චි, ජයන්ත ධර්මදාස, ප්‍රියානි විජේසිංහ සහ උපාලි ධර්මදාස යන අයගේ දයාබර පියාණන් වූද නැසීගිය ජේ. ආර්. කරුණාරත්න, නැසීගිය මෙල්වින් වෙල්ගම, ලලිත් හෙට්ටිආරච්චි වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ, ශ්‍රීනි ධර්මදාස සහ සන්ධ්‍යා ධර්මදාස යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මැතිතුමා අභාවප්‍රාප්ත විය. අවමගුල් පෙරහැර 13 වන සෙනසුරාදා පස්වරු 4.00 ට නිවසින් පිටත් වන අතර, අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ. අංක 65, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස, කොළඹ 07.
236824
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා