පිස්ටෝරියස්ගේ සිහිනය සැබෑවෙයි

පිස්ටෝරියස්ගේ සිහිනය සැබෑවෙයි

ලබන මස කොරියාවේ පැවැත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා තරගාවලියට නම් කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට ඇතුළත් වෙමින් සිට සිහිනය සැබෑ කර ගැනීමට කෘත්‍රිම පාද හිමි ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස් සමත් විය.

”බ්ලේඩ් රනර්” ලෙස විරුදාවලිය ලත් පිස්ටෝරියස් මීටර් 400 ඉසව්ව සහ මීටර් 400 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීමට නියමිතය.

”මගේ රට වෙනුවෙන් මෙවැනි ප්‍රධානතම තරගාවලියකට සහභාගි වන දවස උදාවනතුරු මම හීන මැව්වා. මේක මගේ ජීවිතයේ ආඩම්බර මොහොතක්. රට වෙනුවෙන් මගේ උපරිම දක්‍ෂතාවය පෙන්වීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ සඳහා දැඩි කැපවීමකින් හා වෙහෙසකින් යුතුව මම පුහුණුවීම්වල නිරත වෙනවා” පිස්ටෝරියස් පැවැසීය.

පසුගියදා ඉතාලියේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 400 ඉසව්ව තත්පර 45.07 කින් නිමාකොට ලෝක සූරතාවලියට සුදුසුකම් ලැබීමට ඔහු සමත් විය.

පැරා ඔලිම්පික් තරගාවලියේ සිවු වරකදීම රන් පදක්කම් දිනූ පිස්ටෝරියස් දෙපා අහිමි වේගවත්ම මිනිසා ලෙස ද හඳුන්වනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා