දෙවැනි කොටසේ කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාවට

දෙවැනි කොටසේ කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාවට

ශෂිකලා සිරිවර්ධනගේ විශිෂ්ට පන්දු යැවීමේ හේතුවෙන් අන්තර් සමාජ දෙවැනි කොටසේ කාන්තා ක්‍රිකට් සූරතාව අත්කර ගැනීමට නාවික හමුදාව සමත්විය.

කෝල්ට්ස් පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ගුවන් හමුදා “ඒ” කණ්ඩායම ලකුණු 53 කට සීමා කරමින් ලකුණු 10 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට ශෂිකලා සමත් වූවාය. කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් නාවික හමුදාවට කඩුලු 8 ක ජයක් හිමිවිය.

ඕවර 30 කට සීමා වු අන්තර් සමාජ දෙවැනි කොටසේ කාන්තා තරගාවලියට කාණ්ඩ 4 කින් කණ්ඩායම් 16 ක් තරග වැදුනි.

ගුවන් හමුදා “ඒ” පිල - 53 (ඕවර 23) අනුෂා සංජීවනී 16 (ශෂිකලා සිරිවර්ධන 10/4 සඳමාලි දොලවත්ත 1/2)

නාවික හමුදාව - 54/2 (ඕවර 13)

දේදුණු ද සිල්වා නොදැවී 21

සූරතාව දිනූ නාවික හමුදා කණ්ඩායම.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා