මුද්‍රණය සඳහා

 
දකුණු අධිවේගී මඟට නව සංඥා පද්ධතියක්

දකුණු අධිවේගී මඟට නව සංඥා පද්ධතියක්

දක්ෂිණ අධිවේගී මාර්ගයට නව සංඥා පද්ධතියක් හඳුන්වාදීමට මහා මාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අධිවේගී මාර්ගයේ පාලන කටයුතුවලට අලුතින් හඳුන්වාදෙන සංඥා පද්ධතිය බෙහෙවින් උදව්වන බව නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි.

අධිවේගී මාර්ගයට පදිකයන්ට ඇතුළු විය නොහැක. හඳුන්වාදෙන රථවාහන හැර වෙනත් වාහනයකට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට අවසර නොමැත. ඉදිරි දින කීපය තුළ මේ අධිවේගී මාර්ගය විවෘත කෙරෙන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]