|
||
රුහුණු XI කණ්ඩායම සූරයන්ගේ විස්සයි 20 තරගාවලියට
ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි 20 සූරයන්ගේ තරගාවලිය සඳහා මහේල උඩවත්තගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත රුහුණු XI කණ්ඩායම මේ මස 16 දා දිවයිනෙන් පිටත් වීමට නියමිතය. තරගාවලියට සුදුසුකම් ලැබිම සඳහා ‘ඒ’ හා ‘බී’ කාණ්ඩ යටතේ කණ්ඩායම් 6ක් තරග වදින අතර එයින් ජයග්‍රහණ ලබාගන්නා කණ්ඩායම් තුනක් ප්‍රධාන තරගයට සුදුසුකම් ලබා ගනී. ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ 19දා ට්‍රිනිටෑඩ් සහ ටොබෙගෝ සමඟ ද 21 දා ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ද හයිද්‍රාබාද් හී රජිව් ගාන්ධි අනුස්මරණ ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 තරග වැදීමට නියමිතය. ජයන්ත රෝහණ ද සිල්වා කළමණාකරු ලෙස ද සුමිත්‍ර වර්ණකුලසූරිය (පුහුණුකරු) මනෝජ් අබේවික්‍රම (පන්දු රැකීමේ පුහුණුකරු) දර්ශන වීරසිංහ (ශාරිරික පුහුණුකරු) ජානක එදිරිසිංහ (භෞත චිකිත්සක) ලසන්ත ජයකොඩි (සම්භාහක) සහ තනූජ නිරෝෂණ (පරිඝනක විශ්ලේෂක) ද සංචාරයට එක්වෙති. ශ්‍රී ලංකා කණ්ඩායම – මහේල උඩවත්ත (නායක), දිනේෂ් චන්දිමාල් ( උපනායක) සනත් ජයසූරිය, ජානක ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, ටී. එම්. සම්පත්, යශෝධ ලංකා, චින්තක පෙරේරා, ඔමේෂ් විජේසිරිවර්ධන, එම්. එස්. කමිලීන්, අරෝශ් ජනෝද, ශාලික කරුණානායක, අසංක අලංකාර සිල්වා, අමල් ඇතුලත්මුදලි, භානුක රාජපක්ෂ |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |